Welcome to Viron Japan Academy
Viron
2025, Oct, 19
හරියටම අදට (ඔක්තෝබර් 19, 2025) අවුරුදු 2 කට පෙර, ජපානයේ Rakuji Caregiver Company හි ප්‍රධාන විධායක නිලධාරී Norikatsu Moriyama මහතා ශ්‍රී ලංකාවට පැමිණීම සනිටුහන් කරන්නේ සුවිශේෂී සංධිස්ථානයකි. එදින ඇතිවූ එම සබඳතාව, ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ ජීවිත වෙනස් කරන Viron Japan Academy ආරම්භ කිරීමට මුල් හේතුව විය.

ශ්‍රී ලාංකීය තරුණයින්ගේ අනාගතය වෙනුවෙන් ගත් එම දුරදර්ශී තීරණයට සහ අපට ලබාදුන් නොමසුරු සහයෝගයට Norikatsu Moriyama මහතාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
අද වන විට, අපට විශාල සතුටක් ගෙන දෙමින්, අපගේ දෙවන ඛණ්ඩායම ජපානයේ Rakuji ආයතනයට අදාළ සම්මුඛ පරීක්ෂණයන් සාර්ථකව සමත් වී ඇත. Rakuji ආයතනය වාර්ෂිකව අපෙන් සුපිරි සේවකයින් 40 ක් බලාපොරොත්තු වන අතර, අපගේ සිසුන් ඒ උසස් ප්‍රමිතීන් කරා රැගෙන යාම වෙනුවෙන් Viron Japan Academy අපි කැපවීමෙන් කටයුතු කරන්නෙමු.
Viron Japan Academy හි අපි නිරන්තරයෙන් අලුත් වෙමින්, අපගේ පාඨමාලාවන් තවත් වෘත්තීයමය කරමින්, අපගේ දූ දරුවන් ජාත්‍යන්තර මට්ටමේ සේවකයින් බවට පත්කිරීමට වෙහෙසෙමු.
එදා ජාතික රූපවාහිණියේ සජීවීව විකාශය වූ "ශනිදා ආයුබෝවන්" වැඩසටහන නැරඹීමට මග හැරුණු කෙනෙක් ඉන්නවා නම්, මෙම වැදගත් ගමන පිළිබඳව නැවත දැනුවත් වීමට ඔබට මෙතැනින් අවස්ථාව ඇත.
අපගේ අනාගතය කෙරෙහි විශ්වාසය තැබීම ගැන Moriyama මහතාට ස්තූතියි! ❤